Thursday, March 31, 2016

Ethumge Mahimaya Dhisve (His Glory Appears - Sinhala)



Ethumge Mahimaya Dhisve
Ethumge Mahimaya Dhisve (His Glory Appears) - Sinhala
Translated And Sing By: Chamath Silva
Sound Track Copyright By: Hillsong

එතුම්ගේ මහිමය දිස්වේ
සිංහල පරිවර්ථනය හා ගායනය: චමත් සිල්වා

Lyrics:
=======

ඔබ මා ස්ථානය ගත්තා

බලාපොරොත්තුව මට දුන්නා
ඔබ මාව ධර්මිෂ්ඨ කළා
කුරුසිය පා...මුලදී
ඔබ මා ස්ථානය ගත්තා
ඔබ කරුණාව මා හට දැක්වුවා
කුරුසිය පාමුලදී මා වෙනුවෙන් දිවි පිදූ

එතුම්ගේ මහිමය දිස්වේ
හිරුගේ ආලෝකය මෙන්
යුගයෙන් යුගය එතුමන් බැබලේ
ඕ අහස දෙස බලන්
දෙව්දුතුන් හඬ නඟයි
ගයමීන් ශුද්ධයි ස්වාමි


===================================
පරිවර්ථනය / ප්‍රථම ගායනය: චමත් සිල්වා
පරිවර්ථන වර්ශය: 2013/2016
ඉංග්‍රීසි ගීතිකාව: හිස් ග්ලෝරි අපියස් - හිල්සෝන්ග්
===================================

Prashansa Karav Svaminta (10000 Reasons - Bless The Lord - Sinhala)



Prashansa Karav Svaminta
10000 Reasons (Bless The Lord) - Sinhala
Translated And Sing By: Chamath Silva
Sound Track Copyright By: Praise Hymn Sound Tracks

ප්‍රශංසා කරව් ස්වාමින්ට
සිංහල පරිවර්ථනය හා ගායනය: චමත් සිල්වා

Lyrics:
=======

    ප්‍රශංසා කරව් ස්වාමින්ට
    මා ආත්මය
    නමදිම්-එතුම් ශුද්ධ නාමේ
    පෙර මෙන් නොව ගයමි
    ඕ මා ආත්මය
    මා නමදිම් ඔබ ශුද්ධ නාමේ

හිරු උදාවේ, එය නව දවසක්ය
එය කාලයයි ඔබෙ ගීය නැවත ගයන්න
කුමක් පසු වුනත් මා ඉදිරියෙ කුමක් ඇතත්
මා ගයමි සැඳෑ යාමේ පැමිණේදීත්

    ප්‍රශංසා කරව්...

ඔබ ප්‍රේමෙන් පිරී සිටී
කෝප වෙන්න ප්‍රමාද වේ
ඔබේ නාමෙ උසස්
ඔබේ හද කරුණාවන්තයි
ඔබෙ යහපත් කම් නිසා මා තව ගයමි
හේතුන් දසදහසක් මා හදේ ඇතේ

    ප්‍රශංසා කරව්...

සහ ඒ දවසේ
මා ශක්තිය පිරිහෙන විටදී
මා අවසානය ලංවේ
මා කාලය පැමිණ තිබේ
මා ආත්මය තවත්
නොනවත්වා ඔබට ගයයි
වර්ශ දසදහසක්
සදාකාලේටත්

(සදාකාලේටත්...)

    ප්‍රශංසා කරව්... x 2

    මා නමදිම් ඔබ ශුද්ධ නාමේ
    ස්වාමිනි නමදිම් ඔබ ශුද්ධ නාමේ...



===================================
පරිවර්ථනය / ප්‍රථම ගායනය: චමත් සිල්වා
පරිවර්ථන වර්ශය: 2016 / මාර්තු / 19
ඉංග්‍රීසි ගීතිකාව: බ්ලෙස් ද ලෝඩ් - මැට් රෙඩ්මන්
===================================

Mavanna Aluth Sithak Ma Thula (Create In Me A Clean Heart - Sinhala)



Mavanna Aluth Sithak Ma Thula
Create In Me A Clean Heart - Sinhala
Sing By: Chamath Silva

මවන්න අලුත් සිතක් මා තුල
ගායනය: චමත් සිල්වා

Lyrics:
=======

මවන්න අලුත් සිතක්
මා තුල යේසුනි
ශුද්ධාත්මය නවකර මා තුල //

පහනොකරන්න මා ඔබගේ අභිමුඛයෙන්
ගෙන නොයන් ශුද්ධාත්මය මා තුලෙන්
නැවතත් දෙනු මැන ගැලවීමේ ප්‍රීතිය
ශුද්ධාත්මය නවකර මා තුල...
(ගීතාවලිය 51:10-12)

සුළු නොකරන්නෙමි ඔබගේ වචනය
ස්ථිර කරන් ශුද්ධාත්මය මා තුල //

Ma Sangavena Sthanaya Obayi (You Are My Hiding Place - Sinhala)



Ma Sangavena Sthanaya Obayi
You Are My Hiding Place - Sinhala
Sing By: Chamath Silva

මා සැඟවෙන ස්ථානය ඔබයි
ගායනය: චමත් සිල්වා

Lyrics:
=======

මා සැඟවෙන ස්ථානය ඔබයි
මා හද පුරවන්නේ ඔබයි
මිදීමේ ගීතිකා වලින්
මා බිය වන සැම විටදී
මා විශ්වාසය ඔබ තුළමයි

මා විශ්වාසය ඔබ තුළමයි
දුබලවුන් කියයි
මා සවියැයි දෙවිඳුන්ගේ ශක්තියෙන්

An Samata Vada (Above All - Sinhala)



An Samata Vada
Above All - Sinhala
Sing By: Chamath Silva
Sound Track Copyright By Praise Hymn Music Group

අන් සැමට වඩා
ගායනය: චමත් සිල්වා

Lyrics:
=======

සැම බලතලයට ඉහළින්
සැම රජවරුන්ට ඉහළින්
සැම ස්වභාදහමට හා
මැව්වාවූ දෙයට ඉහළින්
සැම ප්‍රඥාවට හා -
මිනිසාගේ මාර්ගයන්ට ඉහළින්
ලොව මැවීමටත් පූර්වයෙන් ඔබ සිටියේ

සැම රාජ්‍යයන්ට ඉහළින්
සැම සිහසුනටත් ඉහළින්
ලොව දැනගත් සැම ආශ්චර්යමත් වූ දෙයට ඉහළින්
සැම ධනසම්පත් හා, පොළොවේ වස්තුවට ඉහළින්
ඔබෙ වටිනභාවේ කිසිසේත් මැනිය නොහැකි

     කුරුසේ ඇණ ගසා, ගල් ලෙනක තැබූවේ
     මැරෙන්නයි ඔබ දිවි ගෙව්වේ
     ප්‍රතික්ෂේප වී තනි වුනේ
     රෝස කුසුමක් මෙන්, පොළොවේ පාගා දැමුවේ
     මා ගැන සිතා, ඔබ, වැරැද්ද දරුවේ
     අන් සැමට වඩා...

සැම බලතලයට ඉහළින්...

සැම රාජ‍යයන්ට ඉහළින්...

     කුරුසේ ඇණ ගසා... x 2

     රෝස කුසුමක් මෙන්, පොළොවේ පාගා දැමුවේ
     මා ගැන සිතා, ඔබ, වැරැද්ද දරුවේ
     අන් සැමට වඩා...

Maa Dhevinndhun Midheemata Balavanthayi (Mighty To Save - Hillsong - Sinhala)



Maa Dhevinndhun Midheemata Balavanthayi
Mighty To Save (Hillsong) - Sinhala
Translated And Sing By: Chamath Silva
Sound Track Copyright By Hillsong

මා දෙවිඳුන් මිදීමට බලවන්තයි
සිංහල පරිවර්ථනය හා ගායනය: චමත් සිල්වා

Lyrics:
=======

සැමහට අනුකම්පාවක්
පහනොවනාවු ප්‍රේමයක්
කරුණාව මා හට ගලා එන්න
සැමහට ඕනේ කමාවක්
ගැලවුම්කරුවෙකුගෙ දයාවක්
ජාතීන්ගේ මහත් පැතුම

මිදුම්කරු, කඳු පහකරනා වූ උතුමන්
මා දෙවිඳුන් බලවන්තයි
මිදීමට ඔව් ඔහු බලවන්තයි
සැමකල්හි මිදීමේ කතුවරයානෝ
මරණින් උක්තාන වුනා
යේසුස් මරු පරදා ජය ලැබුවා

මා බාර ගන්න ස්වාමිනි
මගෙ සැම පාපය සැම බියද
මා ජීවිතය යළි පුරවන්
දිවිහිමියෙන් ඔබ පසුපස එමි
මා අදහන සෑම දේම
දැන් මා යටත් කරම්

මිදුම්කරු //

ඔබෙ ආලෝකය දක්වන් මුළු ලොවටා
අපි ගයමු
මරු පැරදූ රජුගේ මහිමයටා,
යේසුස් //

මිදුම්කරු //

ඔබෙ ආලෝකය... //
ඔබෙ ආලෝකය... //
ඔබෙ ආලෝකය... //

Kurusiya Pamula (At The Cross - Hillsong - Sinhala)



Kurusiya Pamula
At The Cross (Hillsong) - Sinhala
Translated And Sing By: Chamath Silva
Sound Track Copyright By Hillsong

කුරුසිය පාමුල දණගසමි
සිංහල පරිවර්ථනය හා ගායනය: චමත් සිල්වා

Lyrics:
=======

ඕ ස්වාමිනි ඔබ මා විමසයි
මා යන මාර්ගය ඔබ දනි
මා වැටී පැරදුනු විටත්
දනිමි මා ඔබ ආදරෙයි
ඔබ ශුද්ධවූ අභිමුවේ
මා වටකරයි
සෑම කාලයන්හිදී
දනිමි මා ඔබ ආදරෙයි;
ඔව් දනිමි මා ඔබ ආදරෙයි...

කුරුසිය පාමුල දණගසමි
මා වෙනුවෙන් ඔබේ ලෙය වැගුරූ
මෙතරම් උසස් ප්‍රේමයක් වෙන නෑ
මරණය පරදා ජය ලැබුවා
ඔබේ නාමය අති උසස්ය
දැන් මා කුමකින් වෙන් කරන්දෝ;

මා ඉදිරියෙන් ඔබ යන්නේ
මා යන මාවත ඔබ රකී
නොවැටෙනා ලෙස ඔබ මා උසුලයි
දනිමි මා ඔබ ආදරෙයි;

කුරුසිය පාමුල... //

තියර දෙකඩ වුනා, මාවත සෑදුවා
තීන්දුයැයි ඔබ පැවසූ මොහොතේ //

පොළොවද අහසද පහවුනත්
මා දෙනෙත් හමුයේ
ඔබ මා ඉදිරියෙන් සිටී
දනිමි මා ඔබ ආදරෙයි;
ඔව් දනිමි මා ඔබ ආදරෙයි...

කුරුසිය පාමුල... //

තිරය දෙකඩ වුනා... ////

Sunday, January 24, 2016

Sinhala Holy Bible - Android App



The Holy Bible ROV (Revised Old Version) 1995 is now available in Sinhala language for those who are interested in introducing the Bible on their Android devices. This application is developed by Chamath Silva for the Ceylon Bible Society, the sole distributor, publisher & the owner of the text of the Sinhala Bible published on 1995.

Last Updated: 2016/Jan/06 

Basic Features:
  • Quickly view bible verses in Sinhala language.
  • Search words from the bible.
  • Add verses to your favorites list.
  • Share the bible verses with your friends via email or social media apps.
  • Simple guide to type Sinhala.
  • Changeable Light and Dark Themes.
  • Customize the font and the font size.
  • Keep screen awake when reading the bible verses (On / Off).
  • Application is used offline (No data connection needed to run the app.)

© ශ්‍රී ලංකා බයිබල් සංගමය විසින් 1995 වසරේ ප්‍රකාශිත ශුද්ධ බයිබලය (සංශෝධිත පැරණි අනුවාදය) සිංහල භාෂාවෙන් ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේ ලබාගත හැක. මෙම සිංහල බයිබල් මෘදුකාංග ඒකකය සාදන ලද්දේ දේව වචනය ප්‍රචලිත කිරීමේ අභිප්‍රායෙන් හා බයිබල් අධ්‍යයනය කරන්නන්ට උපකාරයක් වීම සඳහා බව කරුණාවෙන් සලකන්න.

මෙම මෘදුකාංගය සතු පහසුකම්:

✓ පහසුවෙන් ශුද්ධ බයිබලය සිංහල භාෂාවෙන් කියවිය හැක.
✓ ශුද්ධ බයිබලය තුළින් පහසුවෙන් බයිබල් පද සෙවිය හැක.
✓ ඔබ කැමති පද, ලැයිස්තුවකට ඇතුළත් කළ හැක.
✓ බයිබල් පද තවත් කෙනෙකු සමඟ හුවමාරු (share) කළ හැක.
✓ වෙනස් කළ හැකි කළු සහ සුදු පැහැති පසුතල (themes) දෙකකින් සමන්විතයි.
✓ අකුරු විලාසය සහ විශාලන ප්‍රමාණය වෙනස් කළ හැක.
✓ බයිබලය කියවනවිට තිරය (screen) ක්‍රියා විරහිත (off) නොවී තබාගත හැක.
✓ අන්තර්ජාලයට සම්බන්ධ නොවී මෙම මෘදුකාංගය භාවිතා කළ හැක.




How To Download

Open Google Play from your Android smartphone and search for “Sinhala Holy Bible”.

Or

Use this link: 
https://play.google.com/store/apps/details?id=com.sinhalaholybible.rov.cbs.android&hl=en